Life
ඔසප් කාලයේ ඇතිවන ප්‍රශ්න හයකට විසඳුම්...
1. ඔසප් වූ පසු අපහසුතා නිසා පාසල් හා රැකියාවට යෑමට ඇතැමුන් අතපසු කරයි. මෙය සුදුසුද?
ගර්භාෂය තුළ රුධිර ගලනයක් සිදුවීම මේ කාලයේදී සාමාන්‍ය සිදුවීමක්. එහිදී උදරය සංකෝචනය වෙමින් වේදනාවක් ඇතිවෙයි. නමුත් මෙම වේදනාව සරල වේදනා නාශකයකින් සුව වෙයි. එලෙස වේදනාව අඩු නොවේ නම් රැකියාවට යෑමට අපහසු නම් වෛද්‍යවරයකු හමුවට ගොස් ප්‍රතිකාර ලබා ගන්න.
2. ඔසප් සමයේ ස්නානය කිරීම සුදුසුද?
ඔසප් කාලය තුළ ස්නානය කිරීම නුසුදුසුය යන මතය අතීතයේ පැවැති දෙයක්. එයට හේතු වන්නේ එකල කාන්තාවන් ගංගාවල ස්නානය කරන විට රුධිරය පහළට ගලා යෑම සුදුසු නොවන නිසා ළිඳ අසල ස්නානය කරන විට රුධිරය අන් අයට පෙනෙන නිසා එකල එය පිළිගත් මතයකි. නමුත් අද නාන කාමරවල ස්නානය කරන විට එම ගැටලුව ඇති නොවේ. හැම විටම පිරිසුදුව සිටීමයි වැදගත්.
3. ඔසප් චක්‍රය අක්‍රමවත් වන අවස්ථා ඇත. මෙයට හේතුවකුමක්ද?
ගර්භණී කාන්තාවන්ට ඔසප් වීම නැවතීම සාමාන්‍ය ක්‍රියාවලියකි. මීට අමතරව